ගාසා තීරයේ ළමුන්ට පෝලියෝ එන්නත්

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ගාසා තීරයේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් ළමුන් 640,000කට පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටිනවා.

ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතර සටනේ මේ වන විට විරාම මාලාවක් පවතින අතර මෙම එන්නත් කිරීමේ වැඩසටහන අද (01) ආරම්භ වී තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ අවම වශයෙන් අවුරුදු 10ට අඩු ළමුන්ගෙන් 90%ක් කෙටි කාලරාමුවක් තුළ ප්‍රතිශක්තිකරණය කළ යුතු බවයි.

වසර 25 කට පසු ගාසා තීරයේ පළමු තහවුරු කරන ලද පෝලියෝ රෝගියා සොයා ගැනීමෙන් පසුව, මෙම ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එක්සත් ජාතීන්ගේ විශේෂඥයෙකු පවසන්නේ මෙම රෝගය තවත් ළමුන්ට ආසාදනය වී කලාපීය වශයෙන් අවදානමක් විය හැකි බැවින් හැකි ඉක්මනින් පිළියම් සෙවිය යුතු බවයි.

පසුගිය ජූනි මාසයේ දී ලබාගත් අපජල සාම්පලවල වෛරසය සොයාගැනීමෙන් පසු , එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙලෙසින් හදිසි එන්නත් වැඩසටහනක් දියත් කිරීමට කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද වැස්සේ සැර - රත්නපුරට ඇදහැළුණු මහ වැස්ස
01:40
Video thumbnail
කඩා හැලෙන වැස්ස ගැන විශේෂ දැනුම්දීමක්
02:24
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15