ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර නාවික හමුදාව භාරගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම අද (01) සිදු කෙරුණා.

ඒ, ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදීයි.

ඒ, අනුව ඉදිරි මාස 03ක කාලසීමාව තුළ ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ හා ආචාර සමාචාර සිදු කිරීමේ රාජකාරීන් සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් ශ්‍රී ලංකා‍ නාවික හමුදාව විසින් සිදුකරනු ලබනවා.

මෙම විශේෂ රාජකාරීන් අධීක්ෂණය ශ්‍රී ලංකා‍ නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී විසින් සිදු කෙරෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ.