ගාලු කුමාරි දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේ දි පුද්ගලයකු ⁣කොළඹ බලා ධාවනය වු ගාලු කුමාරි දුම්රියේ ගැටි අනතුරුට පත්ව එම ස්ථානයේදිම මියගොස් ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පැවසුවා.

අද උදැසන 8.15ට පමන අනතුර සිදුව ඇත මේ වන විට මියගිය අය හදුනාගෙන නොමැති අතර සරමක් සහා කමිසයක් ඇද සිටින වයස 40- 50 අතර පුද්ගලයකු බව පොලිසිය පවසනවා.

මළසිරුර අම්බලන්ගොඩ දුම්රිය ස්ථාන⁣යට භාර දි ඇති අතර අනතුර පිලිබදව අම්බලන්ගොඩ පොලිසිය විමර්ශනය සිදුකරයි.