spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගාමිණීව බලන්න ජනපති යයි

දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ සුව දුක් විමසීමට ඔහුගේ කටුගම්පළ පිහිටි නිවසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (11) පෙරවරුවේ පැමිණියා.

එහිදී ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසා ඔහු සමඟ කෙටි කථා බහක ද නිරත වුණා.

හිටපු අමාත්‍යවරයාගේ නිවස අසළට රැස්ව සිටි ප්‍රදේශයේ ජනතාව සමඟ ද ජනාධිපතිවරයා සුහද පිළිසඳරකට එක්ව තිබුණා.

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරාගේ පුත් වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
10
+1
4
+1
2
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?