ග්‍රීසියේ දුම්රිය දෙකක් ගැටී පුද්ගලයින් 32 ක් මරුට

ග්‍රීසියේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 32 ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අනතුරෙන් අවම වශයෙන් තවත් 85 දෙනෙක් තුවාල ලබා ඇති බවයි එම මාධ්‍ය වාර්තා කරන්නේ

දුම්රිය දෙක අනතුර ලක්වීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.

අතෑන්ස් සිට තෙලෙස්ලෝන්කි බලා ගමන් කරමින් තිබු මගී දුම්රියක් සහ තෙලෙස්ලෝන්කි සිට ලාරිසා බලා ධාවනය ධාවනය කරමින් තිබු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස එකිනෙක ගැටී තිබෙනවා.

අනතුරෙන් මගී දුම්රියේ ඉදිරිපස මැදිරි 04ක් පීලි පැනීමට ලක්ව ඇති අතර ඉන් පළමු මැදිරි දෙක සම්පුර්ණයෙන් විනාශයට ලක්වී තිබුණා.

දුම්රියේ ගමන් ගත් මගීන් 250 කට අධික සංඛ්‍යාවක් නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට සහන සේවකයින් කටයුතු කළා.