ග්‍රීන්ලන්තයේ පාලනය ඇමරිකාවට ගන්න ට්‍රම්ප්ට දැඩි උනන්දුවක්

ඩෙන්මාර්ක රාජධානිය තුළ ඇති ස්වයං පාලන රාජ්‍යක්වන ග්‍රීන්ලන්තයේ පාලනය එක්සත් ජනපදයට ලබාගත හැකි බවට තමන් විශ්වාස කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් ඊයේ සඳහන් කළේ එම දිවයිනේ පදිංචිකරුවන් 57,000ක් ඇමරිකාව සමඟ සිටීමට කැමැත්ත පළකර ඇති බවයි.

ඩෙන්මාර්ක අගමැති මෙට් ෆ්‍රෙඩ්රික්සන් පසුගිය සතියේ ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ පැවති දීර්ඝ දුරකථන ඇමතුමකදී ග්‍රීන්ලන්තය විකිණීමට නොමැති බව අවධාරනය කර තිබෙනවා.

මේ ආතර ග්‍රීන්ලන්තයේ අගමැති මුට් එගේඩ් පැවසුවේ භූමියේ ඉඩම් භාවිතය “ග්‍රීන්ලන්තයේ ව්‍යාපාරයක්” බවයි, නමුත් ආරක්ෂක සහ පතල් කැණීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ වඩාත් සමීපව කටයුතු කිරීමට ඔහු කැමැත්ත ප්‍රකාශ කළා.

ඩෙන්මාර්ක අගමැති ෆ්‍රෙඩ්රික්සන් මේ මස මුලදී පැවසුවේ “ග්‍රීන්ලන්තය ග්‍රීන්ලන්ත වැසියන්ට අයත්” බවත්, එහි අනාගතය තීරණය කළ හැක්කේ එම දේශීය ජනතාවට පමණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14