ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ඡන්ද විමසීමකින් තොරව අද (21) සම්මත වුණා.
2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ සයවැනි දිනය වූ අද (21) විවාදයට ගැණුණේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයි.













