ගල් අඟුරු ගැන සොයන ජනාධිපති කොමිසම ලබන සතියේ සිට වැඩ අරඹයි

මෙරට සිදුව ඇති සියලුම ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ලබන සතියේ සිය කටයුතු ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ඒ සඳහා කොළඹ කාර්යාලයක් පිහිටුවීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙරට තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනනය ආරම්භ වූ දා සිට 2026 අප්‍රේල් 16 වන දින දක්වා කාලය තුළ සිදුව ඇති ගල් අඟුරු ගනුදෙනු විමර්ශනය කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පූර්ණ බලැති ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.

අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරුන් මෙම කොමිසමේ අනෙකුත් සාමාජිකයින් වනවා.

කොමිෂන් සභාවේ ලේකම් ලෙස පත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යාංශ හිටපු ලේකම් පී.වී. බන්දුලසේනයි.

2026 අප්‍රේල් 16 වන දින දක්වා කාලය තුළ, රජය සතු ගල් අඟුරු පුද්ගලික සමාගම හෝ එහි අනුප්‍රාප්තිකයින් විසින් ගල් අඟුරු ආනයනය කිරීමේදී සහ ශ්‍රී ලංකාවේ විදුලිය ජනනය කිරීමේදී කිසියම් අක්‍රමිකතාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදුවී ඇත්දැයි විමර්ශනය කිරීම මෙම කොමිසමේ ප්‍රධාන කාර්ය භාරය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සේවකයින්ට ප#ර දුන් සිද්ධියට Mr. කොත්තු හිමිකරු අත්අඩංගුවට
02:15
Video thumbnail
නිදහස් පක්ෂය බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නේ - නීති විරෝධීයි
03:31
Video thumbnail
ගාල්ලේ ඉදලා ඇවිත් අනුරාධපුරේ ආච්චි කෙනෙක්ට සත්තම දැම්ම චණ්ඩි
01:46
Video thumbnail
අනුර - සජිත් හමුවෙයි.. විශේෂ සාකච්ඡාවක්
04:29
Video thumbnail
අපේ ඉලක්කය වසර 5 තුළදි හෙද සේවයට 13600ක් බැඳවා ගැනීම l Nalinda Jayatissa
13:41
Video thumbnail
තෙල් මිල අඩු කරන්න එපා, රු 650ක් වෙනකම් වැඩි කරන්න
04:00
Video thumbnail
ජනාධිපතිතුමා කරපු වැඩේ දැකලා මිනිස්සු පුදුම වෙයි
01:16
Video thumbnail
අතුරුගිරියේ නිවසකින් අධි බලැති යතුරුපැදි පහක් කොටුවෙයි - කොහොමද බයික් ටික?
02:22
Video thumbnail
මගේ පැන්ට්‍රියට එන ඇමතිවරු දැන් ඉන්නේ - ආපු ගමන් අහන්නේ කෑම ගැන
04:19
Video thumbnail
නාමල් විතරයි ජනතාව වෙනුවෙන් ආවේ - මිහින්තලේ හිමි ආණ්ඩුව සැරටම අමතයි
12:51