spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගල්ගමුව බියවැද්දූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනය

ගල්ගමුව පළුකන්දෑව ප්‍රදේශයේදී උදැල්ලකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ .

මෙලෙස මරණයට පත්ව අත්තේ වයස අවුරුදු 16 ක් හා 67 ක් වන අඹන්පොල හා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය . සැකකරු උදෑසන කාලයේ සිට බීමත්ව නිවසේ ඇති භාන්ඩ විනාශ කරමින් සිට ඇති අතර , පසුව සවස් කාලයේ බිරිදගේ පියා හා නිවස අසල පදිංචි බිරිඳගේ සහෝදරියකගේ පුතෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන උදෑල්ලකින් පහරදී මෙම ඝාතනය කර ඇති බව පොලිසිය අනාවරණය කරයි.

පහර දීමෙන් බිරිඳගේ පියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලබා සිටි බිරිඳගේ සහෝදරියගේ පුතා ගල්ගමුව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ . ඝාතනය සඳහා යොදාගත් උදැල්ල සමඟ වයස අවුරුදු 42 ක් වන පළුකන්දෑව ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .

ගල්ගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවති .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?