ගල්කිස්ස වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරුට – පාතාල කල්ලි අතර ආරවුලක් බවට සැක

ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ පටුමග ප්‍රදේශයේ දී ඊයේ (15) රාත්‍රියේ පුද්ගලයෙක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබුණා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 40 ක් වූ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි ෂෙහාන් යෂේන්ද්‍ර නමැති අයෙක්.

වෙඩි තැබීමට රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැකකරන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින පෞද්ගලික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවන්නට ඇති බවට පොලීසිය සැකපළ කරනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්