ගල්කිස්ස ඉන්ධන පිරවුම්හල කොල්ලකෑ මංකොල්ලකරුවන් අත්අඩංගුවට

ගල්කිස්ස පිරවුම් හලකට පැමිණ රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් සොරාගත් මංකොල්ල කරුවන් දෙදෙනා ගල්කිස්ස පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එ් සමඟ ඔවුන් සොරා ගත් මුදල් ද පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඔවුන් පැමිණි පාපැදිය ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. රත්මලාන බංගලාවත්ත හා අනුරාධපුර තබුත්තේගම ප්‍රදේශයේ දි සැකකරුවන් වයස 39,34 දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.

https://youtu.be/3FE5iDQ2GHU