කොස් ගෙඩියක් කඩාගත් පුද්ගලයෙකුව පිහියකින් ඇන ඝාතනය කළ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන ඇල්පිටිය, පිටුවල මාර්ගයේ 2කනුව ප්රදේශයේ පදිංචි එක්දරු පියෙකි.
ඔහු සිය ගර්භණී බිරිඳගේ කුසගිනි නිවීම සඳහා මෙලෙස කොස් ඉඩම මායිමේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩාගෙන ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවේ අසල්වැසියෙකු සමඟ ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව අසල්වැසියා කොස් ගෙඩිය කඩාගත් පුද්ගලයාට පිහියකින් පහරදී තිබේ.
අනතුරුව බරපතළ තුවාල ලැබූ ඔහු ඇල්පිටිය රෝහලට රැගෙන යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.














Kaalakanni minissu , kos gediyak kadaagaththata pigiyen aninna tharam darunu hith thiyena nominissu