ගර්භණී කාන්තාවන්ට විශේෂ දැනුම්දීමක් – තුන් වන ගැබිණි මරණය කුරුණෑගලින්

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙරට සිදුවූ තුන් වන ගැබිණි කාන්තා මරණය කුරුණෑගලින් වාර්තා වුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 28 හැවිරිදි කාන්තාවකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

කෙසේ වෙතත් ඇය මිය ගිය ද ඇගේ දරුවා සිසේරියන් සැත්කමකින් බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වී තිබෙනවා.

මෙම ගර්භණී කාන්තාව කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි තැනැත්තියක්.

කොරෝනා ආසාදිත මව්වරුන් අසාධ්‍ය තත්වයට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් ඒ පිළිබදව වැඩි අවදානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය අංශ දිගින් දිගටම අවධාරණය කරනවා.

මෙරටින් කොරෝනා ආසාදිතයින් 2269 දෙනෙකු ඊයේ (14) හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 138,085 දක්වා ඉහළ ගියා.

විදේශගතව සිට පැමිණි 20 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් එනම් 555ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ මැයි 31 වනදායින් පසු ගනු ලබන තීන්දු තීරණ පිළිබදව ඉදිරියේදී දැනුම් දෙන බවයි.

මුළු දිවයිනටම පෙරේදා රාත්‍රි 11ට පැනවූ සංචරණ සීමා තහනම තවදුරටත් ක්‍රියාත්මකයි.

එය අවසන් වන්නේ එළඹෙන සඳුදා අළුයම 4යි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ නිරෝධායන නීති උල්ලංඝණය කළ 253 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ ක්‍රියාන්විතයේ නියුතු සියළු දෙනාට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කඩිනමින් ලබාදෙන ලෙස වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45