ගයාත්‍රි හදිසියේම ලංකාවට එයි : යුටියුබ් නාලිකාවකට එරෙහිව පොලිසි යන්නත් සුදානම්

පුංචි තිරයෙනුත්, රිදී තිරයෙනුත් කාගෙත් ආදරය සහ ආකර්ශනය දිනාගත්ත රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රි ඩයස් කියලා කියන්නේ. විදෙස්ගත ව සිටි ගයත්‍රි මේ වෙනකොට ඉන්නේ ලංකාවේ.

කාටත් නොකියා ගිය ගයාත්‍රි කාටත් නොකියාම ලංකාවට ඇවිත්?

මෙහෙමයි. අවශ්‍යකරන වැඩ වගයකට තමයි මම ගියේ. ඒ වැඩකටයුතු ටික ඉවර වුණ නිසා ආපහු ලංකාවට ආවා.

ආපහු කවදාද යන්නේ?

තව මාස දෙකකින් තුනකින් තමයි යන්න හිතාගෙන ඉන්නේ.

ගයාත්‍රි මේ සූදානම් වෙන්නේ ලංකාව දාලාම යන්නද?

එහෙම කියන්න බැහැ. ලංකාව දාලම යන්න බැහැනේ. මේ තියෙන මතකත් එක්ක. නමුත් යම් යම් දේවල් මත යන්න අවශ්‍ය දේ සහ කරන්න අවශ්‍ය දේ මේ වෙලාවේ කරනවා. මට දැනට කියන්න තියෙන්නේ අද දවස ගැන විතරයි. හෙට දවස මොනවා වෙනවද කියන්න මම හරියටම කියන්න දන්නේ නැහැ. දැනට රටවල් දෙකේම ඉඳිවී.

කැනඩාවට නේද ගියේ.

ඔව්. මම ගියේ කැනඩාවට.

කැනඩාවේ ගෙවපු ජීවිතය?

එහෙම කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. එහිදී කරන්න ගොඩක් වැඩ තිබුණා. වෙන රටක ඉන්නවා කියලත් දැනුණේ නැහැ. ඇත්තම කියනවා නම් අති විශේෂ දෙයක් නෙවෙයි. එකම දේ වැඩිම කාලයක් වෙනත් රටක ජීවත් වුණේ මේ පාර.

යූටියුබ් නාලිකාවල පළවුණේ මොන මොන කතාද?

මම කොහේ හරි ගිහිල්ලා පින්තූරයක් අරගෙන මගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ දාන්නේ ඒක මගේ පෞද්ගලිකත්වය හින්දා. ඒවා අරගෙන එක එක කතා හදාගෙන පින්තූරත් හොයාගෙන යූටියුබ් එක නැති කරනවා. මෙහෙම වුණාහම එතැනින් එහාට ඒ මිනිස්සුන්ගේ පවුල් ජීවිතවලට මොනවද වෙන්නේ කියලා හිතන්නේ නැහැ. ඊයේ පෙරේදා බොහොම කලකිරීමකට ලක්වුණා.

ඇයි ඒ?

මගේ බොහොම හිතවතෙක්, නැතිවුණා අයියා කෙනෙක්. මම එයා ගැන පෝස්ට් එකක් දාපු එක අල්ලලා ඊයේ පෙරේදා දාලා මම කසාද බඳින්න හිටපු කෙනා එයා කැනඩා යන්න හිටියා. එයා තමයි ඔය මැරිලා තියෙන්නේ කියලා. එතකොට ඒ ගෙදර මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ කියලා බලන්න එහෙම වුණාහම.

ඒක හරි නරකයි. මම ඒකට විරුද්ධව මොනවා හරි කරනවා. මනුස්සයකුගේ ජීවිතයක් නැතිවෙලා තියෙන වෙලාවක ඒ වගේ දෙයක් කළහම ඔවුන්ගේ ජීවිතවලට තවත් දුකක් නේ ඇති වෙන්නේ. ඇයි මෙහෙම මිනිස්සුන්ට ගහලා ඒවායෙන් කන්න බොන්න හදන්නේ. මම ආසා නැහැ ඒ වැඬේට. යූටියුබ් හරි විදිහට කරනවා නම් හරිම ලස්සන වැඩක් මිනිස්සුන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන යූටියුබ්වලින් වැඩක් නැහැ.

මේ සිද්ධියට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාද?

ඇත්තටම ඒකට විරුද්ධව ඇන්ටි‍්‍ර එකක් දානවා. වෙන හේතුවක් නිසා නෙමෙයි කාගෙවත් පෞද්ගලිකත්වය කාටවත් වැඩක් නැහැ. අනිත් එක තමයි එහෙම බොරු දේවල් හදන්න හොඳ නැහැ. මට කා එක්කවත් පින්තූරක් අරගෙන දාන්න බැහැ. ඒ කවුරු වුණත් ඔහුව මම බඳින්න යනවා කියයි. එහෙම කියන්න ඔවුන්ට අයිතියක් නැහැ මේව කරන මිනිස්සු තමන් ගේ අක්කට නංගිට එහෙම වුණාම මොනවද වෙන්නේ කියලා බැලූව නම් එහෙම දේවල් කරන්නේ නැහැ.

ෂෝෂල් මීඩියා පාවිච්චි කරන්න බැහැ. තමන් ගේ මාර්කටින්වලට, තමන් ගේ හොඳ දේවල්වලට, කාටවත් ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි. අනිත් එක අපි කාගෙවත් කවුරුවත් නෙමෙයිනේ. එහෙම කරන්න එක්කෝ මේවාට යම් පියවරක් ගත යුතුයි මොකද කාගෙවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නැතිව ඉන්න. මට නම් ඇත්තටම හරිම තරහයි මගේ දේවල් වෙන කවුරුහරි තව කෙනකුට කියන එකට. ඒක අනවශ්‍ය දෙයක්. මට ඕනෑනම් මගේ යූටියුබ් එකකින් මට කියන්න පුළුවන්. මගේ දේවල් මොකටද අනෙක් අයට කියන්නේ. ඒක වැඩක්ම නැති දෙයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල ගසක් ත්‍රීරෝද රථ දෙකක් මතට කඩා වැටී සිදුවූ බිහිසුණු අනතුර
01:08
Video thumbnail
කෙහෙල්බද්දර පද්මෙගේ වෙ#ඩික්කරු , මාටියා මෙරරට ගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
00:57
Video thumbnail
චරිත් අබේසිංහ සහ රඛිත රාජපක්ෂ බන්ධනාගාර බසයේ නැගලා ගිය හැටි
00:52
Video thumbnail
ඔයාට නඩු දාන්න වෙනවා - කරන්න දෙයක් නෑ
02:42
Video thumbnail
මේ ටිකම ඇති මුළු පළාතම විනාශ කරන්න - ඔයාට නඩු දාන්න වෙනවා
03:59
Video thumbnail
මුන්ගේ කුණු අදින්න ට්‍රැක්ටරේට ජනවරම දෙන්න
02:56
Video thumbnail
චරිත්ව අත්අඩංගුවට ගත්ත හැටි ගැන අපේ විරෝධය ප්‍රකාශ කරනවා
10:18
Video thumbnail
බලය ගත්තට පස්සේ පිස්සු හැදුණා - මාලිමාව බයවෙලා ඉන්නේ
05:48
Video thumbnail
UNICEF නියෝජිත පිරිසක් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි
01:41