ගමක් හඬවමින්, අකුණු සැරයක් පුංචි මල් කැකුළක් බිලි ගත් හැටි

අඩු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.ඒ හේතුවෙන් ඉදිරි පැය 36 තුළ දී උතුරුමැද, වයඹ, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

අද දිනයේ වැඩිම වර්ෂාපතනය යාපනය – තෙලිප්පලෙයි ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එය මිලිමීටර් 156ක්.

ඊට අමතරව අලිමංකඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 132ක සහ මහඉලු‍ප්පල්ලමෙන් මිලිමීටර් 110.5ක වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

මේ අතර පුත්තලම ප්‍රදේශයට අද ඇති වූ වැසි තත්ත්වය හමුවේ අකුණු සැර වැදීමකින් ආනමඩුව තලහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 06ක් වයසැති දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යනවිට මෙම දරුවා සිය මව සමඟ පැලක සිට තිබෙනවා.

එසේම මහනුවර – කටුගස්තොට නගරයේ ප්‍රධාන පාසලක පැති බැම්මක් අසල පිහිටි නිවසක් මතට කඩා වැටීමෙන් එහි සිටි 19 හැවිරිදි සිසුවෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පැවති වැසි සහිත තත්ත්වය හේතුවෙන් මාතලේ – කන්දෙනුවර ප්‍රධාන මාර්ගයටද පස් කන්දක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබූ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබුණා.

දැඩි වර්ෂාව හේතුවෙන් ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දල්පිටිය ප්‍රදේශයට පස් කන්දක් කඩා වැටී තිබුණා.

මේ හේතුවෙන් අසල තිබු වෙළදසලකට හා වෑන් රථයකට අලාභ හානි සිදු වුණා.

මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් කලාවැවේ වාන් දොර‍ටු දෙකක් විවෘත කර තිබූ අතර, මේ නිසා කලාවැව අවුකන මාර්ගය ජලයෙන් යටවුණා.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 8ක් ද අද දහවල් විවෘත කළ අතර, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බවයි ජලාශය භාර සහකාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ.

ඒ හේතුවෙන් කලා ඔය සහ ලුණු ඔය අවට පහත්බිම්වල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවටයි ඔහු කියා සිටියේ.

එසේම නුවරඑළිය – රාගලවත්ත පළමු කොටසේ නිවාස 60ක් ජලයෙන් යට වී තිබෙනවා.එමෙන්ම අධික වර්ෂාවත් සමග පොළොන්නරුව ප්‍රදේශයෙන් හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මැදිරිගිරිය – දර්ශනපුර ප්‍රදේශයේ නිවසකට දැඩි හානි සිදුව තිබුණා.

https://youtu.be/CgGTqT9ujLc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13