ගමක් කැලඹූ අද්භූත සත්ත්වයෙකුගේ පහරදීමෙන් හයක් මරුට

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි බාර්වානි දිස්ත්‍රික්කයේ ගමක අබිරහස් සත්ත්ව ප්‍රහාරයකින් පුද්ගලයින් සයදෙනෙකු සති දෙකකටත් වඩා අඩු කාලයක දී ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

NDTV පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම පුද්ගලයින් අද්භූත සත්ත්වයාගේ ප්‍රහාරයට ලක් ව ඇත්තේ රාත්‍රී කාලයේ දී නින්දේ සිටියදීයි.

මෙම පළමු ප්‍රහාරය මැයි මස 05 වැනි දින අලුයම 01ත් 05ත් අතර කාලයේ දී සිදු වූ බව වාර්තා වනවා.

මෙම කුඩා ගම්මානයේ පදිංචිකරුවන් 17 දෙනෙකු පමණ රාත්‍රී නින්දේදී අදාළ ප්‍රහාරවලට ගොදුරු වී ඇති බවයි පැවසෙන්නේ.

ගම්වැසියන් විස්තර කරන්නේ උමතු සත්ත්වයෙකු විසින් තම ඥාතීන් සපා කෑමෙන් මෙම ඛේදනීය සිදුවීම් සිදු වන්නට ඇති බවයි.

නමුත් සෞඛ්‍ය අංශ සඳහන් කරන පරිදි මියගිය සය දෙනාට ම ජලභීතිකා එන්නත් පවා ලබා දී තිබුණ ද මෙම ප්‍රහාරයෙන් පසුව කිසිවෙකු දිවි ගලවා ගැනීමට නම් සමත් වූයේ නැති බවයි.

මෙම අද්භූත සත්ත්වයා කවුරුන් දැයි කිසිවෙකුටත් හඳුනාගැනීමට හැකි ව නැහැ.

ලිම්බායි නමැති ගම්මානයෙන් ද ස්ථාන තුනක මෙම පහරදීම් වාර්තා වී තිබෙනවා.

වින්දිතයින්ගේ එක් අයෙක් ගෙමිදුල අතුගාමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක් ව තිබෙනවා.

මෙම සත්ත්වයාගෙන් දිවි ගලවා ගත් ඇතැමෙකු පැවසුවේ, එම සත්ත්වයා බල්ලෙකු වැනි ස්වරූපයක් ඇති බවයි.

තවත් අය පවසා ඇත්තේ; ” අසාමාන්‍ය ලක්ෂණ තිබුණා. අසමාන කකුල් හා බෑවුමක් වගේ හැඩයක් ඇති පිටුපස, ශරීරයේ පොත්තක් නැහැ. ගොරවන්නෙත් නැහැ, එකවර පැන සපා කා අතුරුදන් වන සෙවණැල්ලක් වගේ” යැයි මෙම ඉරණමට මුහුණ පෑ ඇතමුන් මාධ්‍යයට සඳහන් කර තිබෙනවා.

මෙම ඛේදවාචකයට ගොදුරු වූවන් 17 දෙනෙකුට ම බාර්වානි හා ඉන්දෝර් හි දී වෛද්‍ය පහසුකම් ලබා දුන්න ද ඔවුන් අතරින් කාන්තාවන් දෙදෙනකු සහ වයස අවුරුදු 40-60ත් අතර සිටි පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

අද දින වන විට එම අද්භූත සත්ත්වයාගේ ප්‍රහාරයට ගොදුරු වූ ඉන්දෝර් හි රෝහල්ගත කළ 40 හැවිරිදි සුනිල් නමැත්තෙකු වෛද්‍ය උපදෙස් නොතකා රෝහලෙන් පිටව ගොස්, යළි අසාධ්‍යය වීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවත් NDTV වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරනවා.

වින්දිතයින්ගෙන් එක් අයෙකු වන චේන් සිං උම්රාඕ (50 හැවිරිදි) සුවය ලැබීමේ සලකුණු පෙන්නුම් කර පැය කිහිපයකට පසු ජීවිතක්ෂයට පත් වූ බවත්, මරණයට හේතුව වී ඇත්තේ ස්නායු දුර්වලතාවයේ වේගය සහ සපාකෑම් තුවාලවල අසාමාන්‍ය ස්වභාවයක් ගැනීම බවයි MY රෝහලේ වෛද්‍යවරු පවසන්නේ.

මෙම සිදුවීමෙන් රෝහල් වෛද්‍යවරු පවා පුදුමයට පත් ව ඇති බවත් වාර්තා වනවා.

සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දක්වා ඇත්තේ;

“දිවි ගලවා ගත් 11 දෙනා පරීක්ෂා කළ වෛද්‍ය කණ්ඩායම පැවසුවේ ඔවුන් කිසි දිනෙක එවැනි අමුතු සපාකෑම් රටා දැක නොමැති බවයි. කන්ඩ්වා වෛද්‍ය විද්‍යාලයේ කණ්ඩායමක් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වයි. අපි සියලු අංශ විමර්ශනය කරමින් සිටිමු,” යනුවෙන් බර්වානි පාලක සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පැහැදිලි කළ නොහැකි මරණ හේතුවෙන්, ජලභීතිකා විරෝධී එන්නත්වල සාම්පල, ඒවායේ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම සඳහා කසෞලි (හිමාචල් ප්‍රදේශ්) හි ජාතික ඖෂධ රසායනාගාරයට යවා තිබෙනවා.

වින්දිතයින්ගේ අභ්‍යන්තර අවයව, මොළයේ පටක සහ උගුරේ ජෛව පරීක්ෂණ සවිස්තරාත්මක විශ්ලේෂණය සඳහා දිල්ලියේ විද්‍යාගාරයකට ද යවා ඇති බවයි වාර්තා වන්නේ.

“ජලභීතිකා රෝගය හෝ වෙනත් දෙයක් මරණවලට හේතු වූවා ද යන්න නිශ්චිතවම තහවුරු කළ හැක්කේ මෙම වාර්තාවලින් පමණි” යනුවෙන් ඉන්දෝර් හි ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවසුවා.

මේ අතර අද්භූත සත්ත්වයා සොයා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් දියත් කළ ද ඒවා ද අසාර්ථක වී තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රහාරවලට ගම්මානයේ ගෘහාශ්‍රිත ව ඇති කරන සතුන් තිදෙනෙකු ද ගොදුරු ව ඇති බවත් එම සතුන් ද ජීවිතක්ෂයට පත් ව ඇති බවත් වාර්තා වනවා.

මූලාශ්‍රය- NDTV



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17