ගත වූ පැය 24ට ඩෙංගු රෝගීන්1,030ක් – ඩෙංගු මර්දනයට ජනතාවගේ ප්‍රමාණවත් සහාය තවමත් නෑ

අද (30) දිනය වනවිට දිවයින පුරා ඩෙංගු රෝගීන් 54,189 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර පවසනවා.

වැඩබලන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ පසුගිය පැය 24ක කාලය තුළ දී දිවයින පුරා ඩෙංගු රෝගීන්1,030ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර දෛයිනිකව වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

පවතින වාතාවරණය තුළ ඩෙංගු මර්දනය වෙනුවෙන් ජනතාවගෙන් තවමත් ප්‍රමාණවත් සහයෝගය නොලැබෙන බවයි වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එමෙන්ම රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ ධාරිතාව ද උපරිම මට්ටමට පැමිණ ඇති බවත් ඔහු පැවසුවා.

මේ අතර පසුගිය වසරේ පැවැතී ඩෙංගු වෛරස 03 තත්ත්වය අභිබවා මෙම වසරේ දී ඩෙංගු වෛරස 02 තත්ත්වය මතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10