ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් සැකකරුවන් 943 ක් අල්ලයි

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 670 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 273 ක් සමගින් මුළු සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 199 g ,අයිස් 168 g ,ගංජා 2 kg 400 g ,ගංජා පැල 2,883 ක් ,මාවා 382g,තූල් 45g ,මදන මෝදක 141g,
මත්පෙති 59 ක් සොයාගෙන ඇත‍

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 670 දෙනා අතරින් සැකකරුවන් 9 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, නීති විරෝධී වත්කම් විමර්ශන 01 ක්ද ආරම්භ කර ඇත.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 25 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 32 ක්ද අත්අඩංගුවට ගෙන ්‍තිබේ.

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 273 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 58 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 192 ක්ද සිටි.

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 12 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.