ගණේමුල්ල සංජීව එලොව යැවූ සිද්ධියට ගම්පහ ඔස්මන්ඩ් අත්අඩංගුවට

පසුගිය වසරේ පෙබරවාරි මස 19 වන දින කොළඹ අංක 05, මහේස්ත්‍රාත් අධිකරණයේ දී නීතිඥවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් විසින් අධිකරණ ශාලාවට ඇතුලු වී එම අධිකරණයේ නඩුවක් සඳහා බන්ධනාගාරය මගින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැති අයට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනට අදාළව ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමති ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අතදන්ගුවට් ගෙන තිබෙනවා.

මෙම අපරාධයට අදාලව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව මෙම අපරාධය සඳහා විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම හා අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනි අවිය ලබා දී මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීම හා බලපත්‍රයක් නොමැතිව විදේශ රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, එම ජීව පතරොම් 10 ක් හා පතරොම් ගැබ් 02 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට මොහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) රාත්‍රී ගම්පහ පොලිස් වසමේ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අවුරුදු 69 ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32