ගණේමුල්ල සංජීවගේ කොන්ත්‍රාත් වෙඩික්කරු රිමාන්ඩ්

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය තුළ වෙඩි වැදී ඝාතනයට ලක්වූ ගණේමුල්ල සංජීව නමැත්තාගේ කොන්ත්‍රාක් වෙඩික්කරු යැයි සැලකෙන හිටපු යුද හමුදා සෙබළෙකු වන මහේෂ් ඔබේසේකර ලබන 29 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (15) නියෝග කළා.

සිද්ධියට අදාල වැඩිදුර වාර්තාවක් අධිකරණට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කලා.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ මෙම සැකකරු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කළ බවයි.

එහිදී අනාවරණය වූ කරුණු අනුව මෙම සැකකරු පාතාල කල්ලි නායකයන් බොහෝ දෙනකු සමඟ සබඳතා පවත්වා ඇති බවත් ඔහු පදිංචි නිවසේ තිබි යුධ හමුදා ඇඳුම් කට්ටල , පැළඳුම් සහ ජීව පතොරම් අටක් සොයාගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

මෙම සැකකරු 2023 මැයි 2 සිට සේවයට වාර්තා නොකර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයකට දැන්වුවා.

කමාන්ඩෝ සලින්ත මාර්ගයෙන් ගනේමුල්ල සංජීවීව හමුවී තිබෙන බවත් මීගමුව ඇතුලු ප්‍රදේශවල වෙඩි තබා සිදු කරන ලද ඝාතන කිහිපයකටද මෙම සැකකරු සම්බන්ධ බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට තිබෙන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ජීව උණ්ඩ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අදාල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වර්තා කරන ලෙසත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා තිබේද යන්න වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15