ගංජා කිලෝ 05යි නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 15000ක් සමග සැකකරුවන් දෙදෙනකු හසුවෙයි

තණමල්විල ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක දී වියළි ගංජා කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 500ක් සහ නීතිවිරෝධී මත්පැන් සමග පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මොනරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් පිරිසක් සිදු කරන ලද වැටලීමක දී මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පොලිස් අත් අඩංගුවට ගැනීම සිදු කෙරුණු බවයි.

වියළි ගංජාවලට අමතරව නීතිවිරෝධී මත්පැන් මිලිලීටර් 15,000ක් ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගැනුණා.

අත්අඩංගුවට ගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වන බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් දෙදෙනා තණමල්විල ප්‍රදේශයේ ම පදිංචිකරුවන් වන අතර ඔවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත‍යි.