ගංජා කිලෝ නවයක් මීයෝ කාලා

රාජසන්තක කර තිබූ ගංජා කිලෝග්‍රෑම් නවයක් විනාශ කිරීම සම්බන්ධයෙන් මීයන්ට දොස් පැවරූ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ ධන්බාද් දිස්ත්‍රික්කයේ ජාර්කන්ඩ් පොලිස් ස්ථානයේ ගබඩාකර තිබූ ගංජා කිලෝග්‍රෑම් 09ක් මෙලෙස මීයන් විසින් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට වසර හයකට පෙර අත්අඩංගුවට ගත් මෙම ගංජා තොගය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කිරීමෙන් පසු එම ගංජා තොගයට සිදුව ඇති දේ පොලිසිය විසින් වාර්තාවක් මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පොලිස් ස්ථානයේ ගබඩාව තුළ ගබඩා කර තිබූ මත් ද්‍රව්‍ය මීයන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බවයි පොලිසිය අදාළ වාර්තාව මඟින් ඊයේ දින අධිකරණයට දන්වා ඇත්තේ.

2018 දෙසැම්බර් 14 වන දින රාජ්ගන්ජ් පොලිසිය විසින් ෂම්බු ප්‍රසාද් අග්‍රවාල් නැමැති පුද්ගලයෙක් සහ ඔහුගේ පුත්‍රයා ගංජා කිලෝග්‍රෑම් නවයක් සමඟ අත්අඩංගුවටගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව පොලිසිය මඟින් අධිකරණයේ දී නඩු පවරා තිබුණා.

එම නඩු විභාගයවන අතරතුර, රාජසන්තක කරන ලද ගංජා තොගය අප්‍රේල් 06 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නඩුවේ විමර්ශන නිලධාරීන්ට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.

ඉන් අනතුරුව එම නිලධාරීන් විසින් කළ සොයාබැලීමේ දී එම ගංජා තොගයට සිදුව ඇති විනාශය දැක තිබෙනවා.

රාජසන්තක කරන ලද ද්‍රව්‍ය ඉදිරිපත් කිරීමට පොලිසියට නොහැකි වූ බැවින් තම සේවාදායකයා බොරු නඩුවලට හසුකර ඇති බව පෙනෙන බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයි අධිකරණය හමුවේ පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50
Video thumbnail
නාමල් සහ රනිල් වෙනුවෙන් අධිකරණයට ආ පාක්ෂිකයෝ - චානක, ජොන්ස්ටන් ඇතුළු සෙට් එකක්
01:38
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද නාමල් රාජපක්ෂ කොටුව අධිකරණයට - කට්ටියට අතත් වනාගෙන යන්නේ
00:50
Video thumbnail
රනිල් වික්‍රමසිංහ සෙනඟ එක්ක කොටුව අධිකරණයට එයි - "අපේ නායකතුමාට ජයවේවා..!"
01:59