ගංගාරාම විහාරාධිපති හිමි අපවත් වෙයි

හුණුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපති ආචාර්‍ය අතිපූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන් අපවත් වී තිබෙනවා.

උන්වහන්සේ අපවත් වන විට 81 වැනි වියෙහි පසුවුණා.

අතිපූජ්‍ය ගල්බොඩ ඥානිස්සර හිමි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි අද (02) පෙරවරුවේ අපවත් වුණා.

උන්වහන්සේ අපවත් වන විට කටයුතු කළේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ලෙසයි.

වර්ෂ 1943 දෙසැම්බර් මස 14 වැනි දින ගල්බොඩ කංකානමගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙලෙහෙනා යන මවුපියන්ට දාව උපත ලැබූ ඥානිස්සර ස්වාමීන් වහන්සේ ගල්බොඩ කරුණාරත්න දරුවා නමින් සිය ගිහි ජීවිතය ගත කළා.

පසුව පැවිදි දිවියට එළැඹෙන්නේ වර්ෂ 1954 නොවැම්බර් මස 8 වැනි දින ගලබොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන් නමින්.

එවකට ගංගාරාම විහාරයේ විහාරාධිපති ධුරය දැරූ දෙවුන්දර ශ්‍රී වාචිස්සර ස්වාමීන් වහන්සේත්; දෙවුන්දර ශ්‍රී රතනජෝති නායක ස්වාමීන් වහන්සේත් ගල්බොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන්ගේ ගුරු හිමිවරු වුණා.

එදා මෙදා තුර ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ සමාජයීය වශයෙනුත් ශාසනික වශයෙනුත් කළ මෙහෙවර වදන් වියමනකට ලඝු කිරීම තරම් අසීරු කාර්යයක් තවත් නැතැයි සිතෙන්නේ උන්වහන්සේ කළ මෙහෙවර එපමණකටම අසීමාන්තික වූ නිසාවෙන්.

අවුරුදු 18ක් සපිරෙද්දී දෙවුන්දර ශ්‍රී වාචිස්සර හිමියන් හදිසි අනතුරක් හේතුවෙන් අන්ධභාවයට පත් වූ අතර පුරා 20 වසරක් මුළුල්ලේ උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් සහ විහාරස්ථානයේ සියලු කටයුතු නොපිරිහෙලා ඉටු කරමින් තරුණ හිමිනමක් ලෙස තම අධ්‍යාපන කටයුතු ද අඛණ්ඩව කරගෙන ගිය විරිය භික්ෂුන් වහන්සේ නමක්.

එම වගකීම්සහගත පෞරුෂත්වය අනාගත මහා භික්ෂුත්වයක සාර පදනම මැනවින් විද්‍යමාන කරමින් ශ්‍රී ලාංකේය බෞද්ධ ශාසනය වෙනුවෙන් භික්ෂුවක විසින් සිදු කරනු ලැබිය යුතු සෑම කාර්‍යයක්ම ඉටු කළ චරිත‍යක් ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය වත්මනෙහි පවත්නා තැනට ඔසවා තබන්නට තමන්ට කළ හැකි අල්පමාත්‍රයක කාර්යයක් හෝ වේවා එය නොපිරිහෙලා ඉටුකළ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය පාලටුවාවේ ජිනරතන හිමි, ආචාර්ය පල්ලේගම රතනසාර හිමි වැනි තවත් සඟ පරපුරක් නිර්මාණය කරන්නට ගත් දහිරිය ද අපට අමතක කරන්න බැහැ.

උන්වහන්සේ තමන් හැදී වැඩුණු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ‘පූජා භූමියක්’ ලෙස සංවර්ධනය කරගැනීමට දැරූ සියලු වෙහෙසන් දරමින් එය සාක්ෂාත් කරගැනීමට ද සමත් වුණා.

එහි ප්‍රතිඵලය වූයේ 2022 වර්ෂයේ දෙසැම්බර් මස 14 වැනි දින හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති වෙත පිළිගන්වනු ලැබීමයි.

ඒ උන්වහන්සේගේ 79 වැනි ජන්මෝත්සවයට සමගාමීවයි.

දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ‍ගරු බුහුමනට ලක් වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීම මෙන් ම ආදර්ශවත් වූ භික්ෂු ජීවිතයක් පවත්වා ගනිමින් වැඩ විසූ මෙම මහා යතිවරයාණන්ගේ අපවත් වීම බෞද්ධ ශාසනයේ භික්ෂු පරපුරට දැඩි හිස්තැනක් මතු කරනු ඇති…!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15