spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට විධිමත් වැඩපිළිවෙළක් අරඹනවා – ජනපති(ඡායාරූප)

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවයි.

ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බව සදහන් කළ නියෝජිතයන් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට ද ජනාධිපතිවරයා දැන්වුවා.

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අභිලාෂ මත සිදු වන අදාළ කැඳවීම් සඳහා තම සමාගම ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව ද එම නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ සිනොපෙක් ආයතනයේ නියෝජිත පිරිස ඊට අදාළ යෝජනාවලිය ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළා.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවයි.

එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර,මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Sinopec discussion 02 2
Sinopec discussion 03
Sinopec discussion 05 1
Sinopec discussion 06
Sinopec discussion 08
Sinopec discussion 09
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?