කෝවිලේ පූජාව අතරතුර වැවට පැන්න අයෙක් මරුට

කිලිනොච්චිය – පෙරියකුලම් වැවට පැන පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම ඛේදවාචකය සිදු ව ඇත්තේ ඊයේ (29) බවයි පොලිසිය පැවසුවේ.

පෙරියකුලම් වැව් බැම්මෙහි පිහිටි හින්දු කෝවිලේ දේව මෙහෙයක් පැවති අවස්ථාවේ අදාළ පුද්ගලයා එම ස්ථානයට පැමිණ තිබෙනවා.

පසුව කෝවිල් දේව මෙහෙයට ද මඳ වේලාවක් එක් ව සිටි ඔහු පසුව වැවෙන් දිය නෑමට යන බව පවසා වැවට පැන ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

නමුත් දේව මෙහෙයට එක් ව සිටි පිරිස් පැමිණ අදාළ පුද්ගලයාව දියේ ගිලීමට ඉඩ නොදී බේරාගෙන තිබෙනවා.

නමුත් සුළු වේලාවකින් මෙම පුද්ගලයා යළිත් ගොස් වැවට පැන ඇති බවත් එහිදී ඔහු ගැඹුරු ජලයේ අතුරුදන් ව ඇති බවත් වාර්තා වනවා.

පසුව ප්‍රදේශවාසීන් නැවත වරක් එම පුද්ගලයා බේරා ගැනීමට උත්සහා ගත්ත ද ගොඩට ගන්නා විට ද හෙතෙම මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කණ්ඩාවලෙයි – පෙරියකුලම් ප්‍රදේශයේ පදිංචි ගනේෂමූර්ති රමේෂ් නමැති තිදරු පියෙක්.

කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06