කෝටි 40ක කොකේන් සහ හෂීෂ් සමඟ සුද්දෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි හතළිහක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය ගුවන් මගියෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම විදෙස් ජාතිකයා ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ රට තුළට ඇතුළුවීමට යාමේ දී තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (25) අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු 52 හැවිරිදි කැනඩාවේ ඔන්ටාරියෝ හි පදිංච්කරුවෙක්.

ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබෙනවා.

එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 662 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 12 යි ග්‍රෑම් 196 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 298ක් සඟවා ගෙන මෙලෙස දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

සැකකාර ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted