කෝටි 21ක මත්ද්‍රව්‍ය සමඟ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් විසිඑක් කෝටි හැටහය ලක්ෂ අසූ දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ බැංකොක් නුවරින් මිල දී ගෙන, වෙනත් පුද්ගයෙකු ලවා මෙරටට ගෙනැවිත් සිය නිවසෙහි සඟවා ගෙන සිටි මෙරට ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු , දීර්ඝ විමර්ශනයකින් පසුව ඊයේ (14) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

34 හැවිරිදි මෙම සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, විවිධ පුද්ගලයන් යොදවා විදේශ රටවලින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඒවා රට පුරා අලෙවි කිරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවයි අනාවරණය වී ඇතතේ.

ඒ, අනුව පෙරේදා (13) දිනයේ සැකකරු මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු ගමන් මල්ල වෙනත් පුද්ගයෙකු අත දිවයිනට එවා ඇති අතර, සැකකරු ඊයේ (14) දිනයේ දී අත් බෑගයක් පමණක් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණ තිබුණා.

මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි පුද්ගලයා එම මත්ද්‍රව්‍ය තොගය සැකකාර ජාවාරම්කරුගේ නිවසට ගෙන ගොස් භාරදීමට කටයුතු කර තිබූ බවයි අනාවරණය වී ඇත්තේ.

මේ සියල්ල හොදින් නිරීක්ෂණය කරමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම මත් ජාවාරම්කරු නිවසට පැමිණි පසු නිවස වටලා තිබෙනවා.

ඒ වනවිටත් නිවසේ විවෘත නොකළ ගමන් මල්ලක් තුළ ඇසුරුම් 20 කට සකස් කර තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 21යි ග්‍රෑම් 668ක තොගයක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මීට අමතරව මෙම ජාවාරම්කරුවා සන්තකයෙහි රුපියල් පහළොස් ලක්ෂ දහනව දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,900ක මුදලක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ජාවාරම්කරු සහ ඔහු සන්තකයෙහි තිබූ මුදල් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගය අද (15) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
3
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මෝ එකපාරටම රෝදේ ගැලවිලා ගිහින් අන්තිමට වුණ දේ..
00:49
Video thumbnail
කුමාර ජයකොඩි වරදක් කළේ නෑ - විපක්ෂයේ මරළතෝනි නිසයි අපිම අයින් කළේ
06:58
Video thumbnail
ආණ්ඩුව දැන් IMF සිප වැළඳගෙන හමාරයි - IMF එකේ සුරතලා වෙලා
07:42
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06