කෝටි 14කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් ගුවන්තොටේ දී අල්ලයි

රුපියල් කෝටි 14කට අධික වටිනාකමකින් යුත් “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුවන් මගීන් දෙදෙනා අද (18) උදෑසන 9.30ට පමණ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 403 දරන යානයයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණා.

මෙම සැකකරුවන් දෙදෙනා, ගමන් මලු දෙකක් තුළ සඟවාගෙන තිබූ “කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14යි ග්‍රෑම් 562ක ප්‍රමාණයක් රැගෙනවිත් තිබිය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය ඇඳුම් අතර සූක්ෂම ලෙස ඇසුරුම් 28ක් ලෙස සඟවා තිබිය දී රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගෙන් එක් අයෙකු 23 හැවිරිදි මත්පැන්හලක සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා 30 හැවිරිදි නාට්ටාමිරයෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14