කෝටි ගණනක පූජා භාණ්ඩ සොරකම් කළ 3ක් අත්අඩංගුවට

සුඛෝපභෝගී නවීන වෑන් රථයකින් ගොස් දිවයිනේ ප්‍රදේශ රැසක වෙළඳසැල් කඩා රුපියල් කෝටියකට අධික පූජා භාණ්ඩ සොරකම් කළ කණ්ඩායමක සාමාජිකයන් තුන් දෙනෙකු අත්තනගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35 සහ 45 වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය සැප්තැම්බර් මස 29 වනදා අත්තනගල්ල විහාරස්ථානය ඉදිරිපිට පිහිටි පූජා භාණ්ඩ අලෙවි සැලක් කඩා එහි තිබූ රුපියල් 4,750,000ක පූජා භාණ්ඩ සොරකම් කිරීම සම්බන්ධව වෙළඳසැල් හිමිකරු විසින් කළ පැමිණිල්ලක් මත CCTV දර්ශන ඔස්සේ විමර්ශනය කර සොරකම් කිරීමට යොදාගත් වෑන් රථය පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෑන් රථයේ අංක තහඩු වෙනස් කර තිබූ අතර එම අංක තහඩුවලට අදාළ අංකය ඌව පළාත් සභාවට අයත් කැබ් රථයක අංකයක් බවටයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

පසුව වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී ලැබුණු තොරතුරු මත තවත් සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 50කට අධිකට අධික පූජා භාණ්ඩ සහ රෙදිපිළි සොරාගෙන ඇති බවත් මීගොඩ ප්‍රදේශයේ පූජා භාණ්ඩ අලෙවි සැලක් බිඳ රුපියල් 550000ක රෙදි පිළි සහ පූජා භාණ්ඩ සොරාගෙන ඇති බවත් විමර්ශනවලින් හෙළි වී ඇතැයි සඳහන්.

එලෙස සොරා ගන්නා ලද අටපිරිකර, සිවුරු,වටාපත් ඇතුළු පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම කණ්ඩායමේ තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි අත්තනගල්ල පොලිසිය කියාසිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හෙට (12) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අත්තනගල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32