spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටියේ වාලම්පුරිය

රුපියල් කෝටියකට වඩා වටිනාකමින් යුත් වාලම්පුරි දෙකක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

විශේෂ කාර්ය  බළකායේ කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට හා වාලච්චේන යුද හමුදා කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත.

ඒ අනුව ඊයේ (06) සවස 4 ට පමණ මූතුර් පොලිස් වසමේ, තාරික් පාර, නෙයිදල් නගර් ප්‍රදේශයේ දී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු වාලම්පුරි සමග වයස අවුරුදු 44ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුතුර් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?