කෝටියකට වැඩි විස්කි සහ කරදමුංගු සමඟ 04ක් කටුනායක ගුවන්තොටින් අල්ලයි

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විස්කි සහ කරදමුංගු තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙක් අද (06) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සහ හැටන් ප්‍රදේශවල පදිංචි සිව්දෙනෙක් බවයි වාර්තා වුණේ.

මොවුන් සිව්දෙනා විදේශ සංචාරයක නිරත වී අද (07) අලුයම 01.00ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 06 ඊ.- 1183 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මළු 20ක් තුළ විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිලදී ගත් විස්කි බෝතල් 378ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 132ක් තිබී රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් සිව්දෙනා අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරන බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්