කොළොම්බියාවට එරෙහිව ඇමරිකාවෙන් දැඩි සම්බාධක

ඇමරිකාව විසින් කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඇමරිකාව විසින් පිටුවහල් කරන ලද සංක්‍රමණිකයින් පිරිසක් රැගත් ගුවන් යානා දෙකක් පිළිගැනීම කොළොම්බියාව විසින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරීමත් සමඟ ඇමරිකාව මෙම සම්බාධක පනවා තිබෙනවා.

හිටපු වාමාංශික ගරිල්ලා භටයෙකුවන කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ විසින් සංක්‍රමණිකයින් රැගත් ගුවන් යානා ප්‍රතික්ෂේප කිරීම ඇමරිකානු ජාතික ආරක්ෂාව අනතුරේ දැමු බවයි ඩොනලඩ් ට්‍රම්ප් ජනධිපතිවරයා පවසන්නේ.

කොළොම්බියාවට එරෙහිව තීරුබදු සහ සම්බාධකපැනවීමට ගත් තීරණය අනුව කොළොම්බියාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා ද 25%ක තිරු බදු පනවන බවයි.

එම තීරු බද්ද සතියක් ඇතුළත 50%ක් දක්වා ඉහළ දමන බව ද ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඊට අමතරව කොළොම්බියා රාජ්‍ය නිලධාරීන්ට සංචාරක තහනම් වීසා අවලංගු කිරීම සහ ගුවන්තොටුපලවලදී කොළොම්බියානුවන් වැඩි පරීක්ෂාවකට ලක් කරන ලෙසටත් ට්‍රම්ප් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ට්‍රම්ප්ගේ මෙම සම්බාධක සහ තීරුබදු පැනවීමට ප්‍රතිචාරයක් ලෙස ඇමරිකානු භාණ්ඩවලට අය කෙරෙන තීරු බදු ද 25% කින් වැඩි කිරීමට කොළොම්බියා ජනාධිපතිවරයා විදේශ සහ වෙළඳ අමාත්‍යවරයාට උපදෙස් දී ඇති බව සඳහන්.

කොළොම්බියාව, එක්සත් ජනපදය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් භුක්ති විඳින තත්ත්වයක මෙලෙස සම්බාධක සහ තීරුබදු පැනවීමක කටයුතු කිරීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51