කොළොන්නාවේ කුඩු රැජිණ අල්ලයි

විශේෂ කාර්‍යය බලකාය ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් කොළොන්නාවේ කුඩු රැජිණ ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත – කොළොන්නාවේ දීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය සන්තකයේ තිබී මත් කරල් 374 ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 600 ක් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකාරිනිය වයස අවුරුදු 32 ක කාන්තාවක්.

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 138,000ක මුදලක් ද ඇය සන්තකයේ තිබී සොයා ගැනුණා.

මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සූක්ෂ්ම ව සිදු කරගෙන ගොස් ඇති බවටයි හෙළි ව ඇත්තේ.

සැකකාරිනිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58