spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළොන්නාවේ කුඩු රැජිණ අල්ලයි

විශේෂ කාර්‍යය බලකාය ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් කොළොන්නාවේ කුඩු රැජිණ ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත – කොළොන්නාවේ දීයි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඇය සන්තකයේ තිබී මත් කරල් 374 ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 600 ක් සොයාගෙන තිබෙනවා.

මෙම සැකකාරිනිය වයස අවුරුදු 32 ක කාන්තාවක්.

මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 138,000ක මුදලක් ද ඇය සන්තකයේ තිබී සොයා ගැනුණා.

මෙම කාන්තාව දීර්ඝ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සූක්ෂ්ම ව සිදු කරගෙන ගොස් ඇති බවටයි හෙළි ව ඇත්තේ.

සැකකාරිනිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලිසිය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?