කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඇනවුම් කළ ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර තුන කොළඹ වරායට රැගෙන එනු ලැබුවා.
නැගෙනහිර පර්යන්තයේ ගැන්ට්‍රි දොඹකර 12ක් හා පර්යන්ත දොඹකර 40ක් මෙහෙයුම් සඳහා සවි කිරීමට නියමිතයි.
එහි වටිනාකම ඇමෙරිකා ඩොලර් මිලියන 282ක්.
ගැන්ට්‍රි දොඹකර මීටර් 72ක දිගින් යුක්ත වන අතර හරස් අතට බහාලූ 26කින් යුතු නෞකාවක් එකවර මෙහෙයවීමේ හැකියාව පවතිනවා.
මෙහෙයුම් කළ හැකි සමස්ථ ධාරිතාව ටොන් 75ක්.
මෙම ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර 03 කොළඹ වරාය වෙත රැගෙන ඒම සිදුවුණේ ශෙන්හුවා 24 නෞකාවෙන්.
