spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ මාර්ග කිහිපයක් වැසේ

හෙට (04) දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව අද (03) දින පස්වරු 3.00 සිට කොළඹ නගරයේ මාර්ග කිහිපය වසා තැබෙන බව පොලිසිය දැනුම් දෙනවා.

කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගය වෙනුවෙන් එම ප්‍රසංගය අවසන් වන තෙක් මෙලෙස අදාළ මාර්ග වසා තැබෙන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස වසා තැබෙන මාර්ග පහතින්.

නිදහස් මාවත, නිදහස් වටරමුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.

පදනම් පාර, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියෙන් පදනම් මාවත දෙසට ඇතුළුවීම.

ප්‍රේමකීර්ති ද අල්විස් මාවත, රූපවාහිනී සංස්ථාව සිට නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම.

01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?