කොළඹ පාරවල් අද රෑත් වැසේ

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය දැනුම් දෙනවා.

පවතින අධික සුළං තත්ත්වයත් සමඟ ගස් කඩාවැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වාගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.

බෞද්ධාලෝක මාවත මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වා, විජේරාම පාර ග්‍රෙගරි පාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක පාර දක්වා, පෙරහැර මාවත ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වා බේබෲක් ප්‍රදේශයත් මෙලෙස වසා තබන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අනාරක්ෂිත අවදානම් ගස් යට රැඳී සිටීමෙන් සහ වාහන නවතා තැබීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?