spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ පාරවල්වල වැරදි කරන රියදුරන් CCTV වලින් අල්ලන්න අද සිට මෙහෙයුම්

කොළඹ නගරයේ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගන්මින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද (22) දිනයේ සිට ආරම්භ කරන බව පොලිසිය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ නගර තුළ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඔවුන්ගේ නිවසටම දඩ පත්‍රිකාව ලැබෙන්නට සලස්වන බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම දුර බැහැර ප්‍රදේශයක සිට කොළඹ නගරයට පැමිණෙන රියදුරෙක් මාර්ග නීති උල්ලංඝණය කරමින් රථවාහන වැරදි සිදුකළ ඇත්නම් ඔවුන්ට අදාළ නීතිමය කටයුතු ඔහු පදිංචි ප්‍රදේශයේ ම පොලිසිය හරහා සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ක්‍රමවේදය යටතේ අද (22) දිනයේ සිට කොළඹට ඇතුළු වන වාහන සී.සී.ටී.වී කැමරා 108 කින් නිරීක්ෂණයට ලක්කෙරෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අද (22) දිනයේ සිට ලබන 31 වනදා දක්වා මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ, අනුව කොළඹ නගරයට ඇතුළුවන ස්ථාන 09ක දැනුම්වත් කිරීමේ පුවරු සවිකිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?