කොළඹ පාරවල්වල වැරදි කරන රියදුරන් CCTV වලින් අල්ලන්න අද සිට මෙහෙයුම්

කොළඹ නගරයේ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගන්මින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අද (22) දිනයේ සිට ආරම්භ කරන බව පොලිසිය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ නගර තුළ රථවාහන වැරදි සිදුකරනු ලබන රියදුරන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනාගෙන ඔවුන්ගේ නිවසටම දඩ පත්‍රිකාව ලැබෙන්නට සලස්වන බවයි පොලිසිය පැවසුවේ.

එමෙන්ම දුර බැහැර ප්‍රදේශයක සිට කොළඹ නගරයට පැමිණෙන රියදුරෙක් මාර්ග නීති උල්ලංඝණය කරමින් රථවාහන වැරදි සිදුකළ ඇත්නම් ඔවුන්ට අදාළ නීතිමය කටයුතු ඔහු පදිංචි ප්‍රදේශයේ ම පොලිසිය හරහා සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ක්‍රමවේදය යටතේ අද (22) දිනයේ සිට කොළඹට ඇතුළු වන වාහන සී.සී.ටී.වී කැමරා 108 කින් නිරීක්ෂණයට ලක්කෙරෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ අද (22) දිනයේ සිට ලබන 31 වනදා දක්වා මෙම නව වැඩපිළිවෙල සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ, අනුව කොළඹ නගරයට ඇතුළුවන ස්ථාන 09ක දැනුම්වත් කිරීමේ පුවරු සවිකිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18