කොළඹ දී පැවැත්වීම සැලසුම් කර ඇති උද්ඝෝෂණයකට වාරණයක්

අද (05) දිනයේ කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කියන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් වාරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කොටුව පොලිසිය කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි මෙම වාරණ නියෝගය නිකුත්කර ඇත්තේ.

ඒ, අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයකට මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙනවා.

8