කොළඹින් නුවරට ලකුණු 199ක දැවැන්ත ඉලක්කයක්

පල්ලෙකැලේ දී මේ වනවිට (02) ආරම්භ ව තිබෙන කොළොම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයේ දී පළමු ව පිතිකරණයේ යෙදුණු කොළම්බු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩිවරුන්ගේ නායක වනිඳු හසරංග තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කිරීමට යි.

ඒ අනුව ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ පළමු වගකීම කොළොම්බු කණ්ඩායමට හිමිවුණා.

ආරම්භක පිතිකරුවන් වශයෙන් කොළොම්බු කණ්ඩායමෙන් තරගය ඇරඹුවේ ගුර්බාස් සමගින් ශෙවොන් ඩැනියල් විසින්.

නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නම් කැන්ඩි පන්දු යවන්නන් ඉඩකඩ දුන්නේ නැහැ.

ඔවුන් දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 17ක් සහ 03කට දවා ගැනීමට කැන්ඩිවරුන් සමත් වුණා.

ඉන් අනතුරුව පිටියට පිවිසි සදීර සමරවික්‍රම සමගින් එක් වූ මුහම්මද් වසීම් පන්දු 37කට ලකුණු 78කට සබඳතාවක් ගොඩනැගුවා.

එම සබඳතාව බිඳ හෙලන්නට වනිඳු හසරංග සමත් වූයේ වසීම් ව ලකුණු 32ක දී දවා ගැනීමත් සමගයි.

ඒ සමග ම අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි සදීර ද ලකුණු 48කට අගා සල්මන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායක තිසර පෙරේරාගෙන් සිය කණ්ඩායමට ලකුණු 38ක් ද, චාමික කරුණාරත්නගෙන් ලකුණු 25ක් සහ ශඩබ් ඛාන්ගෙන් ලකුණු 20ක් ද ඔවුන්ගේ ලකුණු පුවරුව 198ක් දක්වා නිර්මාණය කරගැනීමට දායක වුණා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ස්ට්‍රයික්ස්වරු ලබාගත් ලකුණු සංඛ්‍යාව දැක්වුණේ ලකුණු 198ක් ලෙසින්.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග, කසුන් රාජිත අතරේ කඩුලු 02ක් බැගින් ද, එක් කඩුල්ල බැගින් දසුන් ශානක සහ අගා සල්මන් අතරේ ත් බෙදී ගියා.

මේ වනවිටත් සිය පළමු තරගයේ ජය සමරා සිටින කැන්ඩිවරුන්ට අද තරගය ජය ගැනීමට නම් ලකුණු 199ක දැවැන්ත ඉලක්කයක් හඹා යා යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39