කොළඹින් නුවරට ලකුණු 199ක දැවැන්ත ඉලක්කයක්

පල්ලෙකැලේ දී මේ වනවිට (02) ආරම්භ ව තිබෙන කොළොම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගයේ දී පළමු ව පිතිකරණයේ යෙදුණු කොළම්බු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 198ක් ලබා ගත්තා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් කැන්ඩිවරුන්ගේ නායක වනිඳු හසරංග තීරණය කළේ පළමු ව පන්දුවට පහරදීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කිරීමට යි.

ඒ අනුව ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ පළමු වගකීම කොළොම්බු කණ්ඩායමට හිමිවුණා.

ආරම්භක පිතිකරුවන් වශයෙන් කොළොම්බු කණ්ඩායමෙන් තරගය ඇරඹුවේ ගුර්බාස් සමගින් ශෙවොන් ඩැනියල් විසින්.

නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නම් කැන්ඩි පන්දු යවන්නන් ඉඩකඩ දුන්නේ නැහැ.

ඔවුන් දෙදෙනා ම පිළිවෙළින් ලකුණු 17ක් සහ 03කට දවා ගැනීමට කැන්ඩිවරුන් සමත් වුණා.

ඉන් අනතුරුව පිටියට පිවිසි සදීර සමරවික්‍රම සමගින් එක් වූ මුහම්මද් වසීම් පන්දු 37කට ලකුණු 78කට සබඳතාවක් ගොඩනැගුවා.

එම සබඳතාව බිඳ හෙලන්නට වනිඳු හසරංග සමත් වූයේ වසීම් ව ලකුණු 32ක දී දවා ගැනීමත් සමගයි.

ඒ සමග ම අර්ධ ශතකය පෙනෙන මානයේ සිටි සදීර ද ලකුණු 48කට අගා සල්මන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නායක තිසර පෙරේරාගෙන් සිය කණ්ඩායමට ලකුණු 38ක් ද, චාමික කරුණාරත්නගෙන් ලකුණු 25ක් සහ ශඩබ් ඛාන්ගෙන් ලකුණු 20ක් ද ඔවුන්ගේ ලකුණු පුවරුව 198ක් දක්වා නිර්මාණය කරගැනීමට දායක වුණා.

ඒ අනුව පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ස්ට්‍රයික්ස්වරු ලබාගත් ලකුණු සංඛ්‍යාව දැක්වුණේ ලකුණු 198ක් ලෙසින්.

කඩුලු බිඳ දැමීමේ දී වනිඳු හසරංග, කසුන් රාජිත අතරේ කඩුලු 02ක් බැගින් ද, එක් කඩුල්ල බැගින් දසුන් ශානක සහ අගා සල්මන් අතරේ ත් බෙදී ගියා.

මේ වනවිටත් සිය පළමු තරගයේ ජය සමරා සිටින කැන්ඩිවරුන්ට අද තරගය ජය ගැනීමට නම් ලකුණු 199ක දැවැන්ත ඉලක්කයක් හඹා යා යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00