කොස්තාපල්ට හා සැරයන්ට පහර දුන් ස්ථානාධිපතිගේ නඩුවේ තීන්දුවට දින නියම වෙයි

කටාන පොලිසියේ 2017 වර්ෂයේදී ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටි අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයකුට හා සැරයන්වරයකුට පහර දීම සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටි ප්‍රධාන පොලිස් පරික්ෂක ජගත් තේමිය සේනාරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ අවසන් තීන්දුව ලබන මාර්තු 24 වැනිදා නිකුත් කරන බව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ නියෝග කළා .

අද (27) එම නඩුවේ තීන්දුව ප්‍රකාශ පත් කිරීමට නියමිතව තිබුනත් තීන්දුව සුදානම් නොමැති බැවින් ලබන මාර්තු 24 වැනිදා නිකුත් කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.

විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නිතිඥ ෂානක රණසිංහ කරුණු දැක්වූවා.

2017 වර්ෂයේදි තමන් යටතේ සිටි නිලධාරීන් දෙදෙනෙක්ට පහර දිමක් සම්බන්ධයෙන් එම නිලධාරීන් විසින් නඩු පැවරු අතර නීතිපතිවරයාගේ උපදෙස් අනුව සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

වසර නවයක දිර්ඝ නඩු විභාගයකින් අනතුරුව ලබන මාර්තු 24 වැනිදා එම නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06