කොවිඩ් සුනාමියක පෙර නිමිති

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි යැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබි්‍රයේසස් මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, ඇමරිකාවේ හා යුරෝපයේ කොවිඩ් ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනික ව වාර්තා වන අතර, ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 28,000ක්.