කොවිඩ් විකෘති ප්‍රභේද බවට සැක කෙරෙන සාම්පල 14ක් -කොළඹ ගැන දැඩි විමසිල්ලෙන්

ජාන විකෘතිතා ඇතැයි සැක සහිත කොවිඩ් – 19 ආසාදිත සාම්පල 14ක් කොළඹ නගර සභා සීමාව ආශ්‍රිතව හඳුනා ගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අවධාරණය කරනවා

‘ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදිත යැයි වාර්තා වූ 19 දෙනා හඳුනාගත් ප්‍රදේශ ආශ්‍රිතව ලබාගත් අහඹු සාම්පල 25ක් අතරින් මෙම සැක සහිත සාම්පල 14 හඳුනාගත් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ

මෙම ජාන විකෘතිතාව ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ද නැතිනම් වෙනත් ප්‍රභේදයක්ද යන්න පිළිබඳව කිව හැක්කේ ජාන අනුක්‍රමික විශ්ලේෂණයන් මඟින් පමණක් වනවා.

එබැවින් මේ වන විට විශ්ලේෂණයන් සඳහා එම සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යවා ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරන්නේ

මේ පිළිබඳ සිදු කෙරෙන පරීක්‍ෂණවල ප්‍රතිඵල සතියකින් ලැබෙන බවත් එම ප්‍රතිඵල මඟින් තහවුරු කිරීමක් කරන තෙක් අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පවසනවා

විකෘති ප්‍රභේද, දැයි සැක කළ හැකි සාම්පල ලබාගත් කොළඹ ප්‍රදේශ පිළිබඳව මේ වන විට වැඩි අවධානයක් යොමුකළ යුතුයි

එම ප්‍රදේශයන්හි පැතිර පවතින ප්‍රභේදයන් වෙනත් ප්‍රදේශයන් කරා ව්‍යාප්ත වීමට තිබෙන ඉඩකඩ හැකි පමණින් අසුරා තැබිය යුතු බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14