කොවිඩ් වැළඳී මියගිය දින 20 බිළිඳාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ

මීට මාස කිහිපයකට පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දින 20 ක් වයසැති බිළිඳෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වී තිබුණා.

පසුව එම බිළිඳු මෘත ශරීරය අත්තනෝමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම දරුවාගේ දෙමාපියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූවා.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (29) ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙනිය, ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම එළැඹෙන මැයි මස 25 වන දා තෙක් කල් තබනු ලැබූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21