spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් වැළඳී මියගිය දින 20 බිළිඳාගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉල්ලා අස්වේ

මීට මාස කිහිපයකට පෙර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දින 20 ක් වයසැති බිළිඳෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වී තිබුණා.

පසුව එම බිළිඳු මෘත ශරීරය අත්තනෝමතික ලෙස ආදාහනය කිරීම තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි සඳහන් කරමින් එම දරුවාගේ දෙමාපියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබූවා.

එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙහි එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අද (29) ඉන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

එම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙනිය, ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ, පුද්ගලික හේතුවක් මත තමා එම පෙත්සම සළකා බැලීමෙන් ඉවත්වන බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම එළැඹෙන මැයි මස 25 වන දා තෙක් කල් තබනු ලැබූවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?