කොවිඩ් මරණ තහවුරු කළ යුත්තේ කෙසේද ? විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි

පුද්ගල මරණයක්, කොවිඩ් අසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලුම වෛද්‍යවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකු බවට තහවුරු කිරීම සඳහා එම චක්‍රලේඛය මගින් වෛද්‍යවරුන් අනුගමනය කළ යුතු නිර්ණායක හඳුන්වා දී ඇත.

යම්කිසි පුද්ගලයෙකු කොවිඩ් -19 රෝග ලක්ෂණ සහිතව මියගොස් ඇති බවට සායනිකව තහවුරු කිරීම අනිවාර්යෙන් සිදුවිය යුතු බව එම නිර්ණායකවලට ඇතුළත් වේ.

දීර්ඝ කාලීනව රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු මරණයට පත්වූ අවස්ථාවේදී ඔහු කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණ ද එම මරණ වෙනමම ගණනය කර ඔහුගේ වෛද්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව කොවිඩ් -19 ආසාදනයවීම අදාළ මරණයට ප්‍රධානතම හේතුව බවට සාක්ෂි ඇත්නම් පමණක් එය කොවිඩ් -19 ආසාදිත මරණයක් ලෙස තහවුරු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත.

කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට තහවුරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ද අනුගමනය කළ යුතු අතර මරණ සහතිකය සටහන් කිරීමේදී එය කොවිඩ් -19 ආසාදිත මරණයක් බවට සටහන් කිරීම අනිවාර්ය කර තිබේ.

යම් පුද්ගලයෙකුගේ මරණයෙන් පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයේදී අදාළ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත්ත ද එම මරණයට ප්‍රධානතම හේතුව කොවිඩ් -19 ආසාදනයවීම බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගැනීම පිළිබඳව නිශ්චිතව මරණ පරීක්ෂණ වාර්තාවේ සටහන් කිරීම සිදුකළ යුතු බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39
Video thumbnail
විමල් - අර්චුනාගේ Photo එකක් ලීක් කරයි ? අර්චුනා විරුද්ධ පක්ෂයේ වේදිකාවට ආවම කොටියා
04:16
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14