spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් එන්නත 217 වතාවක් ලබාගත් පුද්ගලයෙක් ගැන පුවතක්

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස්වලට පටහැනිව Covid වෛරසයට ලබාදෙන එන්නත් 217 වතාවක් ලබාගෙන ඇතැයි වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔහු මාස 29ක කාලයක් තුළ ඖෂධ මිලදී ගෙන පෞද්ගලිකව ඒවා ලබාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය ලැන්සෙට් බෝවන රෝග සඟරාවේ ද ලේඛනගත කර ඇති අතර මෙම පුද්ගලයාට මෙතරම් එන්නත් ලබා ගත්ත ද කිසිදු අයහපත් ප්‍රතිඵලයක් අත්විඳ නොමැති බව විශ්වවිද්‍යාල පර්යේෂකයන් සඳහන් කර තිබෙනවා.

ඔවුන් මෙම පුද්ගලයා සම්බන්ධ කර ගනිමින් විවිධ පරීක්ෂණවලට භාජනය වන ලෙස කළ ඇරයුම් ද පිළිගෙන ඊට සහයෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල පර්යේෂකයන් මෙම පුද්ගලයාගෙන් කිසිදු අහිතකර සාක්ෂියක් සොයා ගෙන නොමැති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ද කිසිදු සලකුණක් නොමැති බව සඳහන්.

නැවත නැවත එන්නත් කිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කළ හැකි බව න්‍යායාත්මකව පිළිගන්නා කරුණක් වුව ද , මෙම පුද්ගලයාට එවැනි තත්වයක් මතුවී නොතිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
4
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?