කොවිඩ් එන්නත 217 වතාවක් ලබාගත් පුද්ගලයෙක් ගැන පුවතක්

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙකු වෛද්‍ය උපදෙස්වලට පටහැනිව Covid වෛරසයට ලබාදෙන එන්නත් 217 වතාවක් ලබාගෙන ඇතැයි වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා.

ඔහු මාස 29ක කාලයක් තුළ ඖෂධ මිලදී ගෙන පෞද්ගලිකව ඒවා ලබාගෙන ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම සිද්ධිය ලැන්සෙට් බෝවන රෝග සඟරාවේ ද ලේඛනගත කර ඇති අතර මෙම පුද්ගලයාට මෙතරම් එන්නත් ලබා ගත්ත ද කිසිදු අයහපත් ප්‍රතිඵලයක් අත්විඳ නොමැති බව විශ්වවිද්‍යාල පර්යේෂකයන් සඳහන් කර තිබෙනවා.

ඔවුන් මෙම පුද්ගලයා සම්බන්ධ කර ගනිමින් විවිධ පරීක්ෂණවලට භාජනය වන ලෙස කළ ඇරයුම් ද පිළිගෙන ඊට සහයෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාල පර්යේෂකයන් මෙම පුද්ගලයාගෙන් කිසිදු අහිතකර සාක්ෂියක් සොයා ගෙන නොමැති අතර ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට ද කිසිදු සලකුණක් නොමැති බව සඳහන්.

නැවත නැවත එන්නත් කිරීම ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කළ හැකි බව න්‍යායාත්මකව පිළිගන්නා කරුණක් වුව ද , මෙම පුද්ගලයාට එවැනි තත්වයක් මතුවී නොතිබීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57