කොවිඩ් ආසාදිතයෙක් දින 4ක් තිස්සේ නිවසේ – එහි සිටි දැරියක් හදිසියේ සිහිසුන්ව ඇද වැටේ

කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් පුද්ගලයෙකු රැඳී සිටින නිවසක සිටි 16 හැවිරිදි දැරියක් හදිසියේ රෝගී වී ඇද වැටීමත් සමග රෝහල්ගත කර ඇති සිද්ධියක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ, අද (08) උදෑසන හුදකලා කරන ලද කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත ප්‍රදේශයේදීය.

අදාළ හුදකලා කරන ලද ප්‍රදේශයේ රාජකාරී කළ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව එම දැරියව රෝහල්ගත කිරීමට හැකිවී තිබුණි.

එම අවස්ථාවේ ගිලන් රථයක් පවා සොයා ගැනීමට අපහසු වී ඇති බැවින් නිවසේ තිබූ ත්‍රීරෝද රථයෙන් දැරියව රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ ආසාදිත පුද්ගලයා දැනට දින 4ක සිට නිවසේ වෙන්ව රඳවා ඇති බවය.

ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ඇති ගැටලුව නිසා ඔහුව තවමත් නිවසේ රඳවා ඇති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය විය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14