කොලොම්බියාවේ ගුවන් යානයක් පුද්ගලයින් 125 දෙනෙකු සමඟ කඩා වැටෙයි

කොලොම්බියානු හමුදා ගුවන් යානයක් පුද්ගලයින් 125 දෙනෙකු සමඟ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් තවත් දුසිම් ගනනක් තුවාල ලබා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

දකුණු කොලොම්බියාවේ පුටුමායෝ හි ආණ්ඩුකාර ජෝන් ගේබ්‍රියෙල් මොලිනා පැවසුවේ මිය ගොස් ඇති පුද්ගලයින්ගෙන් 21 දෙනෙකු තවමත් හඳුනාගෙන නොමැති බවයි.

හමුදා නිලධාරීන් ප්‍රවාහනය කරන හර්කියුලිස් වර්ගයේ ගුවන් යානයක් කොලොම්බියාවේ දකුණු ප්‍රදේශයේ දී මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්