කොල්ලුපිටිය ගාලු පාරෙදි සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියයාමෙන් අනතුරුව එම මෝටර් රථයේ පැමිණි කාන්තාවකට අමානුෂික ලෙස මහ මඟ දමා ගෙන පහර දුන් බව කියන ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සිද්ධියෙන් මියගියේ කහතුඩුව පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ පෞද්ගලික සනීපාරක්ෂක සේවයේ නියතු කාන්තාවන් දෙදෙනෙක් ඉකුත් 10 වැනි දින අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම්,
සහකාර පොලිස් අධිකාරි ( කොළඹ දකුණ)
0718591578
ස්ථානාධිපති කොල්ලුපිටිය
0718591579
රථවාහන අංශයේ ස්ථානාධිපති කොල්ලුපිටිය
0718594455
දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.










