කොල්ලුපිටියේ දී පුද්ගලයෙකුට දිවි අහිමි කළ රිය අනතුර (ඡායාරූප)

අද(10) දින උදෑසන කාලයේ කොල්ලුපිටිය පොලිස් වසමේ ගාලු පාර, කොල්ලුපිටිය කාගිල්ස් බැංකුව ඉදිරිපිට මාර්ගයේදී බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ කාර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ගමන් කරමින් සිටි ත්‍රී රෝද රථයක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථයේ රියදුරු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 58 ක් වූ කහතුඩුව, පොලිස්ගස්මවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද මෝටර් රථය පැද වූ රියදුරු අනතුරින් පසු පලා ගොස් ඇති අතර, අනතුර සිදු වන අවස්ථාවේ කාර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ තවත් පිරිමි පුද්ගලයකු සිට ඇති බවත්,වයස අවුරුදු 29 හා 31 වයස් වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර මේ වන විට ප්‍රථිකාර ලබයි.

කාර් රථයේ සිටි අනෙක් දෙදෙනාගෙන් කොල්ලුපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර මොවුන් රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවට පොලිසිය සැකකරනු ලබයි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම රිය අනතුර රියදුරුගේ අපරික්ෂාකාරී හා නොසැලකලිමත් රිය ධාවනය හේතුවෙන් සිදු වී ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර කාර් රථ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

1 4
1 2
Accident kolpiti 12 10 2
Accident kolpiti 12 10 3
Accident kolpiti 12 10 7
Accident kolpiti 12 10 8
Accident kolpiti 12 10 9
Accident kolpiti 12 10 10
Accident kolpiti 12 10 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34