කොල්ලුපිටියේ දී දුම්රියක් පීලි පනී

දුම්රිය පිලී පැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (27) උදෑසන කාලයේ මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන එක් මාර්ගයක පමණක් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

පීලි පැනීමට ලක් වූ දුම්රිය යළි පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?